ඉන්දික හේවාවිතරණ
පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා ජනතාව මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කර අවට පරිසරය පිරිසිදුව තබා ගත යුතු බව එම සංගමයේ සභාපති නජිත් සුමනසේන පැවසීය.
මේ වසරේ ජනවාරි 01සිට මේ දක්වා කාලයෙහි ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී තිබෙන බවද ඔහු සඳහන් කළේය. මදුරු මර්දනයට අදාළ කටයුතු මේ වන විට වේගවත් කර තිබෙන බවත් වෙසක් උත්සවය වෙනුවෙන් සියලුම විහාරස්ථානවල මදුරුවන් බෝෙවන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකරන බවත් හෙතෙම පැවසීය.
අදාළ ස්ථාන පරික්ෂා කර බලනු ලබන්නේ මදුරුවන් බෝෙවන ස්ථාන තිබෙනවා නම් එ්වා නිවැරදි කර දුමායන කටයුතු සිදුකිරීමට බවද ඔහු පැවසීය. රත්නපුර හා ත්‍රිකුණාමය ප්‍රදේශවලින් රෝගීන් වැඩිපුර වාර්තා වී තිබෙන නිසා ඒ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
මදුරුවන් බෝවෙන ස්ථාන හඳුනාගෙන අදාළ ස්ථාන නිවැරදි කිරීම සඳහා ආසන්න වශයෙන් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් 300ක් පමණ සිටිය යුතු වුවත් දැනට සේවය කරමින් සිටින්නේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් 172ක ප්‍රමාණයකි. මේ නිසා සේවක සංඛ්‍යාව වැඩි කරන ලෙසට වසර දෙකක සිට ඉල්ලීම් සිදුකළත් තවමත් අදාළ ප්‍රමාණය ඉහළ දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් වී නොමැති බවද සභාපතිවරයා පැවසීය.
පසුගිය අප්‍රේල් මාසයේදී පුහුණුව සඳහා 27 දෙනෙකු බඳවා ගත් බවද මෙම පිරිස සේවයට එක්වන්නේ වසර දෙකක පුහුණුවෙන් පසුව බවද පවතින සේවක හිඟය නිසා තාක්ෂණික තොරතුරු කලින් ලබා ගැනීමට දුෂ්කර වී තිබෙන නිසා මර්දන කටයුතු සිදුකර ගැනීම දුෂ්‍කර වී තිබෙන බවද ඔහු පැවසීය.
මධ්‍යම රජයේ ආයතනවල සේවය කරන්නේ 06 දෙනෙකු පමණක් වුවද එම ආයතනවල සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් දසදෙනෙකු සිටිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. ඉතිරි පිරිස් පළාත් සභා ආයතනවල සේවය කරමින් සිටින බවත් පළාත් සභා යටතේ පවතින ආයතනවලත් පුරප්පාඩු රැසක් පවතින බවත් ඔහු පැවසීය.