සුජිත් හේවාජුලිගේ
දිවයිනේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් නාය යෑමේ අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක පවුල් 15,000 ක් නායයෑම් අධිඅවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගෙන ඇත. මින් පවුල් 2500ක් ආරක්ෂිත ස්ථාන කරා දැනටමත් යොමු කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
දිස්ත්‍රික්ක 14 ක් පුරා විහිදී ඇති කඳුකර ප්‍රදේශ මෙලෙස අවදානමට පත්වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය පවසයි.
2023 වර්ෂය වනවිට මෙරට නාය යෑමේ අවදානම් කලාප සිතියම් සකස් කර ඇත.
නාය යෑම් අවදානම් කළමනාකරණයේදී නාය යෑමක් ආරම්භ වීමේ ලක්ෂණ ඇති කලාප, සුන්බුන් ගලායන කලාප, සුන්බුන් තැන්පත් වන කලාප ඇතුළුව නාය යෑම් මගින් බලපෑමට ලක්විය හැකි කලාප හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අනතුරුදායක තත්ත්වය හඳුනා ගනිමින් නාය යෑම් ආපදා මගින් බලපෑමට පත්විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීම (රතු සහ කහ කලාප නිර්ණය කිරීමේ ක්‍රමවේද භාවිතයෙන්) නමින් ව්‍යාපෘතියක් යෝජනා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

