පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සජබෙන් කමිටුවක්


නිමල කොඩිතුවක්කු

සමගි ජන බලවේගයේ ආසන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සහ පක්ෂ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කර තිබේ.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පත් කර ඇති මෙම කමිටුව මෙම සතියේ රැස්වීමට නියමිතය.

පක්ෂයේ පුරප්පාඩු වූ ආසන සංවිධායක ධුර සඳහා තරුණ පිරිස් පත් කිරීමට කටයුතු කරන බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

එමෙන්ම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට එහිදී කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ගණනාවක පුරප්පාඩු කිහිපයක්ම පවතින බවත් පළාත් පාලන ආයතනවල සියලු‍ම පුරප්පාඩු වහාම පත් කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා තවදුරටත් පැවසීය.