බුක් කරන්න මන්ත්රී ඕනෑමයි
 සුජිත් හේවාජුලිගේ
සුජිත් හේවාජුලිගේ
නුවරඑළියේ මන්ත්රී සැප බංගලාව නොහොත් සෙන්පති නිවෙස (General's House) වෙන් කර ගන්නේ නම් අදාළ මන්ත්රීවරයා අනිවාර්යයෙන්ම එහි සිටිය යුතු බවට නීතියක් අලුතින් පනවා ඇතැයි වාර්තා වේ.
ඇතැම් මන්ත්රීවරුන්ගේ හිතවතුන් සහ ඥාතීන් විශාල පිරිසක් පසුගිය කාලයේදී මෙම මන්ත්රී බංගලාවේ කාමර වෙන්කරගෙන එහි ලැගුම්ගෙන සිටි සෙසු මන්ත්රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිරිහැර වෙන ආකාරයට සහ නිදහසට බාධාවෙන අන්දමින් හැසිරී ඇති බවට මන්ත්රීවරුන් පිරිසකගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු ප්රධානීන් මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.
මන්ත්රීවරුන්ගේ නුවරඑළියේ  සැප බංගලාව සම්බන්ධයෙන් වෙනම නීති මාලාවක් හඳුන්වාදීමටද පාර්ලිමේන්තු ප්රධානීන්ගේ අවධානය යොමුවී ඇත.
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් වෙනුවෙන් පිට පළාත්වල ඇති එකම  නවාතැන් බංගලාව මෙයයි. මන්ත්රීවරයකු වෙනුවෙන්  මෙහි  එක් කාමරයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් දහසකි.

 
																	 
																	 
																	 
																	 
																	 
																	