නිලධාරීන් අප ගණන් ගන්නෙ නෑ


ඇමැතිවරු වෙනුවෙන්  නි. කතානායක ජනපතිට දුක කියයි

අජන්ත කුමාර අගලකඩ

අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් ගණන් නොගන්නා බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඉකුත්දා  පැවති ආණ්ඩු පක්ෂ  මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇත.

ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්ම සංස්ථා සභාපතිවරුන් ද මැති ඇමැතිවරුන්ගේ දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදෙන බව පවසා ඇති නියෝජ්‍ය කතානායකවරයා ඔවුන් මැති  ඇමතිවරුන්ගේ  දුරකතන  ඇමතුම්වලට නිසි ගෞරවයක් හෝ සැලකිල්ලක්  නොදක්වන  බවද සඳහන් කර ඇත.
මැති  ඇමැතිවරුන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු  කරන රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය මහජනතාවගේ ගැටලු‍වලට විසඳුම් දෙන්නේ කෙසේද? යන්න සිතා ගත හැකි බව ද ඔහු  සඳහන් කර ඇත.


මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ජනතා ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දෙන්නැයි එම නිලධාරීන්ට දැනුම් දෙන ලෙස  ද නියෝජ්‍ය කතානායකවරයා  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.