නැති පළාත් සභා වල හිටපු සභාපතිවරුන්ට අවුරුදු 4 ක් තිස්සේ වැටුප්


කාර්ය මණ්ඩලයටත් පින් පඩි

දයාසීලි ලියනගේ

පළාත් සභා විසුරුවා හැර අවුරුදු හතරක් ගතවී ඇතත් ඒවායේ සිටි සභාපතිවරුන්ට තවමත් මාසික වැටුප්, දීමනා හා ඉන්ධන ලබා දෙනවාට අමතරව කාර්ය මණ්ඩල සඳහාත් වැටුප් ගෙවන බව අනාවරණය වෙයි.


සභාපතිවරයකුට හා ඔහුගේ කාර්ය මණ්ඩලයට වැටුප් හා දීමනා ගෙවීමට මාසිකව ලක්ෂ 15කට අධික මුදලක් වැය වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කියයි.

සභාපතිවරයකුට මාසයකට ඉන්ධන ලීටර් 400කට හිමිකම් තිබෙන අතර කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට ඉන්ධන ලීටර් 150 බැගින් ලබා දෙයි. මේ සභාපතිවරුන්ට කිසිදු වගකීමක් හෝ රාජකාරියක් පැවැරී නැති නමුත් අවුරුදු 4ක් තිස්සේ මෙම දීමනා හා වැටුප් ගෙවයි.  


රට බරපතළ මූල්‍ය අර්බුදයකට පත්වී සිටින මේ අවස්ථාවේ මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබියදී මෙසේ නිකරුණේ මුදල් වැය කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරිහු පෙන්වා දෙති.