ඉදිරියේදී තනතුරු කිහිපයක වෙනස්කම් - සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
උපුල් වික්‍රමසිංහ
සමගි ජන බලවේගය පක්ෂයේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඉරිදා ලංකාදීපයට පැවසීය. පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු වෙනු ඇති බවට පසුගිය දිනවල මාධ්‍යයේ පළ වූ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කළේය.
ඉදිරියේ දී සිදු කිරීමට නියමිත පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි ද ඒ අනුව තනතුරු කිහිපයක වෙනස්කම් සිදු වෙනු ඇති බව ද මහ ලේකම්වරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට පක්ෂයේ ඉහළ තනතුරක් පිරිනැමීමට කටයුතු කරන්නේ දැයි විමසූ විට හෙතෙම ප්‍රකාශ කළේ එවැන්නක් සිදු නොවන බවත් දයාසිරි ජයසේකර පක්ෂයේ සාමාජිකයකු නොවන බවත් ය.