මාළු ව්‍යාපාරිකයන්ටත් කෝටි 70ක පොල්ලක්
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
ලංකා ධීවර සංස්ථාව රුපියල් කෝටි එකසිය හැටක ණය කන්දක සිරවී සිටින බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම ධීවර සංස්ථාව මාළු ව්‍යාපාරිකයන්ට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි මුදලක් ගෙවා නැතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට ද කෝටි හැත්තෑවක මුදලක් ගෙවා නැති බව සඳහන් කළේය.
දැන් ඒ ණය ගෙවමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. නොවැම්බර් 21 වැනිදා ධීවර දිනයේදී ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
ලංකා ධීවර සංස්ථාව මේ වසරේ ජූලි මස ලක්ෂ තිහක ලාභයක්ද අගෝස්තු මාසයේදී රුපියල් කෝටියක ලාභයක්ද ලබා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
2028 වසරේදී සංස්ථාව ලාභ ලබන තත්ත්වයට ගැනීම අපේක්ෂාව බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.