ධීවර ගැටලුව ගැන අගමැති මෝදි සමග සාකච්ඡා කළා - ජනපති මන්නාරමේදී කියයි


උපුල් වික්‍රමසිංහ

ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් එය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් 17 වැනි දින මන්නාරමේ පැවැති ජනරැලියක දී පැවසීය.

රටේ මුහුදු තීරයේ හා සාගර සම්පත්වල අයිතිය ශ්‍රී ලාංකිකයන් සතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා රටේ මුහුදු සීමාව ඇතුළත සිදුවෙන නීතිවිරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා නාවුක හමුදාවට උපදෙස් දුන් බව ද කීවේය.

මන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර ෆෙරි බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා දෙරටේ රජයන් අතර ආරම්භ කර ඇතැයි ද හෙතෙම හෙළි කළේ ය.