ඉන්දික හේවාවිතාරණ
දුරගමන් සේවා බස් රථ තේ පානය කිරීමට නතර කරන බොහෝ ආපණශාලාවල ආහාරපානවල ප්‍රමිතිය හා මිල ගණන් පිළිබඳ ගැටලු ඇති බවද නිසි ලෙස වැසිකිළි පහසුකම් නොමැති බවද මගී ජනතාව චෝදනා කරති.
ඇතැම් ස්ථානවල මාළු පාන් ගෙඩියක මිල පවා රුපියල් 100 ඉක්මවා ගොස් තිබෙන බවත් එළවළු රොටියක, බිත්තර රොටියක මිල සේම තේ, කිරි තේ හා කෝපි කොප්පයක මිල පවා ඉහළ අගයක් ගන්නා බව ඔවුහු පවසති.
ඇතැම් ස්ථානවල උදේ කාලයේදී සකස් කරන එළවළු රොටී, පැටිස්, රෝල්ස් වර්ග සේම බිත්තර රොටී පවා මධ්‍යම රාත්‍රියේදී ද අලෙවි කරන නිසා ඒවා ආහාරයට ගත නොහැකිව ඉවත දමන අවස්ථා පවා තිබෙන බව ද සඳහන් කරති.
තේ එකකට ඇතැම් ස්ථානවල රුපියල් 50, රුපියල් 60 වැනි මුදලක් අයකරන බවත් කිරි තේ එකක් රුපියල් 120කට හා කෝපි කෝප්පයක් රුපියල් 100කට අලෙවි කරන ස්ථාන පවා තිබෙන බව ද ජනතාව පෙන්වා දෙති.
වැසිකිළි නිසි ලෙස පිරිසිදු නොකිරීම නිසා දැඩි දුර්ගන්ධයක් පවතින බවත් ඇතැම් ස්ථානවල වැසිකිළිවල දොරවල් පවා නිසි ලෙස වැසිය නොහැකි බවත් මේ නිසා කාන්තාවන් මෙවැනි ස්ථානවලදී දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් චෝදනා කරති.
මේ පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජෙරත්නගෙන් කළ විමසීමකදී සඳහන් කළේ අදාළ ගැටලුව පිළිබඳව නිරතුරුවම තම සංගමයට පැමිණිලි ලැබී තිබෙන බවය. පසුගිය කාලයේදී මේ පිළිබඳව ප්‍රවාහන බලධාරීන් දැනුවත් කළද එම ගැටලු විසඳීමට කටයුතු නොකළ බව ඔහු පැවසීය.