උපුල් වික්‍රමසිංහ
වසර 2000 සිට 2024 දක්වා ගත වූ අවුරුදු 24 ක කාලයේ දී දුම්කොළ භාවිත කරන ලෝක ජනගහනය මිලියන 120 කින් (සියයට 27 කින්) පහත වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව 2000 දී දුම්කොළ භාවිත කරන ලෝක ජනගහනය බිලියන 1.38 ක් වූ බව ද 2024 වනවිට එය බිලියන 1.2 දක්වා අඩු වී ඇතැයි ද “දුම්කොළ ප්‍රවණතා වාර්තාව, වැඩිහිටියන් 5 දෙනකුගෙන් එක් අයකු දුම්කොළ භාවිතයට ඇබ්බැහි වී තිබේ” යනුවෙන් ප්‍රසිද්ධ කර ඇති වාර්තාවේ ඇතුළත් දත්තවලින් හෙළි වේ.
පිරිමින්ට සාපේක්ෂව දුම්කොළ භාවිතයෙන් ඉවත් වෙන කාන්තා පිරිස ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දෙන එකී වාර්තාව, ඒ අනුව 2010 දී දුම්කොළ භාවිතයට ඇබ්බැහි වී සිටි කාන්තා පිරිස මිලියන 277 ක් බව ද 2024 වෙද්දී එම ප්‍රමාණය මිලියන 206 දක්වා සියයට 4.4 කින් අඩු වී ඇති බව ද කියයි.
මේ අතර අවුරුදු 13 – 15 අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් මිලියන 15 කට ආසන්න පිරිසක් විද්‍යුත් දුම්වැටි (E-Cigarettes) භාවිතයට ඇබ්බැහි වී ඇති බවත් ලෝක ජනගහනයෙන් වැඩිහිටියන් සෑම 5 දෙනකුගෙන් එක් අයකු දුම්කොළ භාවිතයට ඇබ්බැහි වී ඇති බවත් එහි සඳහන් ය.