දියවඩන නිලමේ තෝරාගැනීමේ නිලවරණ රැස්වීම නොවැ. 07දා


ප්‍රදීප් නිලංග දෑල  දමින්ද බණ්ඩාර උඩුරාවණ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක ගාමිණී කලු‍හෙන්දිවල රොෂාන් ප්‍රියදර්ශන  මහාචාර්ය තිලක් සුබසිංහ නන්ද මඩුගල්ලේ

ෂේන් සෙනෙවිරත්න

ශ්‍රී දළදා මාලිගාවේ විසි වැනි දියවඩන නිලමේවරයා තෝරා ගැනීම සඳහා රැස්වීම නොවැම්බර් මස 07 වැනි දින (සිකුරාදා) දින සෙංකඩගල එක්සත් බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර නිලවරණය සඳහා අපේක්ෂකයන් හත් දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, ගාමිණී කලු‍හෙන්දිවල, නන්ද මඩුගල්ලේ, මහාචාර්ය තිලක් සුබසිංහ සහ රොෂාන් ප්‍රියදර්ශන යන මහත්වරු එම නිලවරණය සඳහා ඉදිරිපත්ව සිටිති.

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වශයෙන් සැලකෙන ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු තෝරන මෙවර නිලවරණය සඳහා ඡන්ද දායකයෝ 261 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ කන්ද උඩරට රාජධානියට අයත් රජමහා විහාරයන්හි භාරකාර හිමිවරුන් සහ එහි ගිහි භාරකරුවන් 157 දෙනෙකුද එම රාජධානියට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් 75 දෙනෙකුද විහාර දේවාලගම් ආඥා පනතෙන් ගැසට් කොට ඇති දේවාලයන්හි බස්නායක නිලමේවරුන් 29 දෙනෙකුද මෙවර එම රැස්වීමේදී අභිනව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.