ජූලි මස 25 දා පෙ.ව. 6.05ට යෙදුණු සුබ නැකතින් සිව් මහා දේවාලයන්හි කප්සිටුවීමෙන් පසුව ජූලි 30දා ඇරඹුණු දළදා පෙරහර අගෝස්තු 08 නිකිණි පෝයදා පැවැත්වෙන දහවල් පෙරහරෙන් අවසන් වෙයි.
දහවල් පෙරහරින් පසු දළදා මාලිගාවේ චතුරශ්‍රයට පිවිසෙන පෙරහර තුන්වටයක් ගමන් කිරීමෙන් පසුව මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකට පෙරහර අවසන් කිරීමේ සන්දේශය භාර දීමෙන් පසු ව පෙරහර චාරිත්‍ර නිම වෙයි.
ක්‍රි.ව. 1753දී ඇරඹුණ දළදා පෙරහර විවිධ අර්බුද නිසා අඩාළ වෙමින් තිබී 1823දී නැවත ආරම්භ වී අද දක්වා පැවත එයි. කිත්සිරිමෙවන් රජ දවස පටන් බොදු දන ආශිර්වාදයෙන් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් දළදා වන්දනා චාරිත්‍රය පැවත ඒම ශ්‍රී ලංකා සමාජය ලෝක අවධානයට ලක්වූ සංස්කෘතික ලකුණකි. මෙවර දළදා වන්දනාවට පැමිණෙන දෙස් විදෙස් සැදැහැවතුන්ගේත් සංචාරකයන්ගේත් පහසුව පිණිස විශේෂ විධිවිධාන සමග පරිසර ආරක්ෂණ වැඩසටහනක්ද හඳුන්වා දී ඇත.