දරුවන් අතර ක්ෂය රෝගය පැතිරයාමේ අවදානමක්


කුඩා දරුවන් අතර ක්ෂය රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් මේ හේතුවෙන් දරුවන් රෝහල් ගත කිරීමේ කිසියම් වැඩිවීමක් තිබෙන බවත් කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.

මේ වනවිට ලෝකය පුරාම ක්ෂය රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, ලංකාවේද මෙම රෝගය පැතිරයාමේ විශාල අවදානමක් මතුව තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.  
මෙය ළමා හතිය ලෙස පමණක් සලකා කටයුතු කිරීම නොකළ යුතු බවත් පවුලේ අයට දීර්ඝ කාලයක් පුරා කැස්ස තිබේ නම් එය වහාම ක්ෂය රෝග තත්ත්වයක් දැයි පරීක්ෂා කරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් කුඩා දරුවන්ට වැඩිහිටියන්ගෙන් කැස්ස බෝවීමේ ඉඩකඩ වැඩි බවද ඒ මහතා කීය. ක්ෂය රෝගයට ප්‍රතිකාර ඇති බැවින් රෝග තත්ත්වය ඉක්මනින් සොයා ගතහොත් ප්‍රතිකාර ලබාදී එය වළක්වා ගැනීමට හැකි බවද ඒ මහතා කීය.


පද්මිණී මාතරගේ