දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයෙන් පසු ගුරු - විදුහල්පතිවරුන්ට නව චක්‍රලේඛයක්


මදූෂා දිල්ශානි

ළමයින්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ක්‍රියා කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඉරිදා ලංකාදීපයට පැවසීය.

යෝජනා වූ 308 ඒ කොටසේ සඳහන් ශාරීරික දඬුවම ඉවත් කිරීමට එකඟ වුව ද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවන ලෙස ළමයාට මානසික පීඩනයක් එල්ල කිරීම සම්බන්ධ වූ කරුණ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් මත ඉදිරිපත් වූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එහිදී ගුරු - විදුහල්පති සංගම් ඇතුළු බොහෝ දෙනාගේ විවේචනවලින් කියවෙන්නේ අවමානයක් යන වචනයට පැහැදිලි අර්ථකථනයක් නොමැති බවද උපදේශන සඳහා සීමා තිබිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.