උපුල් වික්‍රමසිංහ
මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමේ දී ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම්ව ඒවා ලබා දීම සිදු කරන බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද රාජකරුණා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ඒ අනුව අදාළ කාර්යසාධන ඉලක්ක මේ වසරේ අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන බව ද සේවකයන්ගේ කාර්යසාධනය ඇගයීමෙන් පසු ගෙවන ප්‍රසාද දීමනා තීරණය කරන බව ද සභාපතිවරයා හෙළි කළේ ය.
එසේ ගෙවන මුදල් ප්‍රමාණය මේ වෙනවිට තීරණය කර ඇති බවත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවත් කී ඔහු එය අමාත්‍ය මණ්ඩල අනුමතය සඳහා ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළේ ය.