සුජිත් හේවාජුලිගේ
බන්ධනාගාර ගොඩනැගිලිවල මනුස්සයෙකුට ජීවත් විය නොහැකි තත්ත්වයක් පවතින බව අධිකරණල ජාතික ඒකාබද්ධතා සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසීයග.
රිමාන්ඩ් බන්ධනාගාරවලද දැරිය නොහැකි පිරිසක් රඳවා සිටින බව ඔහු සඳහන් කළේය. බන්ධනාගාර ලොකු කර වැඩක් නැති බවත් එතනින් එළියට යන වැඩපිළිවෙළක්ද සකස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මහාධිකරණවලින් ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. එම ගණන 3,557ක් පමණි. එහෙත් එහි රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රැඳවියන් 625ක් රඳවා තැබිය හැකි කොළඹ මැගසින් බන්ධනාගාරයේ දැනට රඳවා සිටින ගණන 2,985කි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේද රැඳවියන් 2,426ක් රඳවා සිටින නමුත් එම බන්ධනාගාරයේ රැඳවිය හැකි ගණන 385ක් බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.