නිශාන්ත කුමාර බණ්ඩාර
ඩෙංගු රෝගීන්ගේ නවතම දත්ත අනුව රෝගීන් 44,480 දෙනෙක් වාර්තා වී ඇති අතර මේ වන විට මරණ සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රෂිලා සමරවීර පවසයි.
දැනට විටින් විට පවතින කඩිනම් වර්ෂාව නිසා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද ඇය සඳහන් කළාය.
සෙඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (19දා) පැවති මාධ්‍ය හමුවවේදී ඇය මේ බව සඳහන් කළාය. කොළඹ, මාතර, ගම්පහ යන රෝහල්වල රෝගීන් සඳහා ඇඳන්වල ගැටලුවක් පවතින බවද ඇය පැවසුවාය. ඒ සඳහා විකල්පයක් ලෙස දැනට එම රෝහල්වල අඩු රෝගීන් පිරිසක් සිටින වාට්ටුවලට ඔවුන් යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් දුන් බවද ඇය සඳහන් කළාය.

