ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය අක්‍රීය වීමෙන් වෙළෙඳ ගිවිසුම්වලට බාධා


උපුල් වික්‍රමසිංහ

අන්තර්ජාතික වෙළෙඳාමට අදාළ සාකච්ඡා හා ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පිහිටුවා තිබූ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ (Office of International Trade) කටයුතු ඇනහිට තිබීම ඇමෙරිකානු තීරු බදු සාකච්ඡා ඇතුළුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව එළැඹීමට නියමිත වෙළෙඳ ගිවිසුම්වලට අදාළ සාකච්ඡාවලට අහිතකර ලෙස බලපාන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආර්ථික පරිවර්තන පනතෙහි ද එම කාර්යාලය විධිමත්ව පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති අතර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය ස්ථාපිත කර තිබුණේ නම් මේ දිනවල කරගෙන යන ඇමෙරිකානු තීරු බදු සාකච්ඡා විධිමත්ව හා ඵලදායීව කරගෙන යා හැකි බව ය.

පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාව එළැඹුණු ද්වීපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් රැසක් එම කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කෙරුණු අතර චීනය බංග්ලාදේශය යන රටවල් සමග වෙළෙඳ ගිවිසුම්වලට අදාළ සාකච්ඡා ද සිදු කෙරිණි