ජලාශ - වේලි හානිය සොයන්න ඉතාලිය අත දෙයි


උපුල් වික්‍රමසිංහ

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පසු ප්‍රධාන ජලාශ සහ ඒවායෙහි වේලිවලට හානි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉතාලි රජයෙන් එවන ලද වේලි ආරක්ෂණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගෙපොළගේ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ මේ වෙනවිට දැදුරු ඔය, රාජාංගණය ජලාශය සහ සේනානායක සමුද්‍රය යන ජලාශයන්හි වේලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් එම කණ්ඩායම පරීක්ෂණ පවත්වා අවසන් බවත් ඉදිරි දිනවල දී ඔවුන් ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙනු ඇති බවත්ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වේලි ආරක්ෂණ අංශයෙන් දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජලාශ වේලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම් සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය. පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල කිසිදු වේල්ලකට හානි වී නොමැති බව ද හෙතෙම පැවසීය.