ජපානයෙන් නොමිලයේ යූරියා


රංජන් කස්තුරි

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ තෝරාගත් කුඩා පරිමාණ වී ගොවින් 250,000කට ඉදිරි මහකන්නයේදී භාවිත කිරීම සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක මිටියක් බැගින් ජපානය  නොමිලයේ ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන මිසුකෝශි හිදෙඅකි මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ජපන් රජය මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 4,629,629ක මුදලක් (රුපියල් කෝටි 138ක පමණ) ජපන් රජය වැය කරන බවද ජපාන තානාපතිවරයා කීය.


ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාවලට අයත් දිස්ත්‍රික්ක කීපයකින් එම වී ගොවීන් 2,50,000 තෝරාගත් බව ද ඔහු  සඳහන් කළේය.


මෙම පොහොර තොගය බෙදාහැරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා බව ද ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා පැවසීය.