- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
උපුල් වික්‍රමසිංහ
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද ජන සංගණනයෙහි අවසන් වාර්තාව මේ වන විට මුද්‍රණය වෙමින් පවතින බව ද එය ජනාධිපතිවරයාට භාර දුන් පසු ප්‍රසිද්ධ කරන බව ද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න පවසයි.
මෙම වාර්තාවෙහි දිස්ත්‍රික්ක මට්ටමින් ජන ඝනත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් බව කී ඇය ලංකාවේ ජනවර්ග ප්‍රතිශතය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව ලබන අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධ කිරීමට හැකි යැයි විශ්වාසය පළ කළා ය.
මෙම ජන සංගණනය 2021 දී කළ යුතුව තිබුණ ද කොවිඩ් වංගතය ඇතුළු විවිධ හේතු මත කල් ගිය අතර ඒ අනුව 2024 දී දත්ත රැස් කිරීම ආරම්භ විය. අවසන් වරට ජන සංගණනයක් පවත්වන ලද්දේ 2012 දීය. සෑම වසර 10කට වරක් ජන සංගණන පවත්වනු ලබයි.