ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාව - ගල්අඟුරු ආනයනයට අදාළ කරුණු සම්බන්ධයෙන් පුද්ගලයන් හෝ ආයතන සතු ඕනෑම තොරතුරක් 2026 මැයි 22 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස මහජනතාවට දන්වා සිටියි.
2009 වසරේ සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලයෙහි ගල්අඟුරු ආනයනය කිරීම, එම ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සියලුම ක්‍රියාකාරකම්වලදී සිදුවී ඇතැයි කියනු ලබන විවිධ අක්‍රමිකතා සහ/හෝ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ සොයා බැලීම සඳහා පත් කරන ලද මෙම ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාව දැනට කොළඹ 12, අධිකරණ මාවත, සාංචි ආරච්චි වත්ත, අධිකරණ පියස, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 5 වන මහලේ ස්ථාපිත කර ඇත.

