ගමට ගිහින් වැඩ පටන් ගන්න


ජනපති ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කියයි

අජන්ත කුමාර අගලකඩ

සිය ගම් ප්‍රදේශවලට ගොස් දේශපාලන කටයුතු සුපුරුදු පරිදි පටන් ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මන්ත්‍රීවරුන්ට ගමට ගොස් වැඩ  කිරීමට හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය කර ඇති බැවින්, ජනතාව අතරට ගොස් දේශපාලන කටයුතු ආරම්භ කරන්නැයි ජනාධිපතිවරයා ඉකුත් සඳුදා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.


ලෝක බැංකු ආධාර යටතේ සමාජ සුබසාධන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බැවින් අඩු ආදායම්ලාභී පවුල්වලට විශාල සහනයක් එමගින් සැලසෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.