නිරෝෂාන් ප්‍රේමරත්න
පවතින අධික වර්ෂාව සමග කොළඹ අවට ජලයෙන් යටවීම සහ අධික ජලගැල්මක් සිදුවිය හැකි බවට කාලගුණික හා වාරිමාර්ග අංශ පුරෝකතනය කිරීමත් සමග කොළඹ කුලියට ලබාදෙන මහල් නිවාස සියල්ල පිරී ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා 28දා දහවල් වන විට කොළඹ තදාසන්න පෙදෙස්වල ගංවතුර තත්ත්වය ඉහළ යාමත් සමග බොහෝ පිරිස් පැමිණ මෙලෙස කුලී මහල් නිවාස වෙන්කරගෙන තිබූ බව පැවසේ. කෙසේ නමුත් සවස් කාලය වනවිට ජල ගැල්ම ඉහළ යාමත් සමග තව තවත් පිරිස් පැමිණි මහල් නිවාස වෙන් කර ගැනීමට උත්සාහ කළත් ඒ වනවිට කොළඹ ඇති කුලියට ලබාදෙන මහල් නිවාස සියල්ලක්ම පාහේ වෙන් කරගෙන තිබූ බැවින් ඔවුන්ට එම අවස්ථා අහිමි වූ බවද වාර්තා වේ.

