උපුල් වික්‍රමසිංහ
සුළි කුණාටුවක් රටට ඇතුළු වෙන බවට පසුගිය 12 වැනිදා කාලගුණ අංශ දැනුම් දුන් බව ඇතැම් පාර්ශ්ව පැවසුව ද එය සක්‍රීය නොවුණු එකක් බවත් දිට්වා සුළි කුණාටුව පිළිබඳ නිවැරදි තොරතුරු කාලගුණ අංශ මගින් දැනුම් දුන්නේ 25 වැනිදා උදෑසන 10 ට බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය.
ඉකුත් 12 වැනිදා කාලගුණ අංශ මගින් එවැනි සක්‍රීය නොවුණු සුළි කුණාටුවක් පිළිබඳ තොරතුරු දැනුම් දුන් පසු යළිත් 18 වැනිදාත් එවැනි දැනුම් දීමක් කළ ද එයත් සක්‍රීය නොවූ බව ද ඔහු කීවේ ය.
දිට්වා සුළි කුණාටුව පිළිබඳ 25 වැනිදා උදයේ දැනුම් දුන් පසු වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සක්‍රීය කර ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

