ඉන්දික හේවාවිතාරණ
කුඩා පාසල් වැසී යෑම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙහි කුඩා පාසල් ඒකකයක් ස්ථාපිත කරන ලෙසට 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සිදු කළ නිර්දේශය තවමත් ක්‍රියාත්මක කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
සිසුන් පනහට අඩු පාසල්වලින් යම් පාසල් ප්‍රමාණයක් වසා දමන බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කරන ප්‍රකාශයට දැඩිව විරෝධය දක්වන බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.
2020 වසරේදී පත් කළ වේහැල්ල කමිටුව විසින් අදාළ නිර්දේශය සිදුකර තිබෙන්නේ කුඩා පාසල් වැසී යාම වළක්වා ගැනීමේ අරමුණෙන් වෙන නිසා ආණ්ඩුව විසින් අදාළ ඒකකය ස්ථාපිත තර ළමුන් පනහට අඩු පාසල් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
ළමුන් අඩු පාසල් වසා දැමීමට කටයුතු කළ හොත් එම පාසල්වල දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට වෙනත් පාසල් වෙත ගමන් කිරීමට සිදුවන හෙයින් එය සිසුන්ට හා දෙමාපියන්ට සිදුකරන බරපතළ අසාධාරණයක් බවද හෙතෙම සඳහන් කළේය.
දැනට පවතින සංඛ්‍යා ලේඛනවලට අනුව සිසුන් පනහට අඩු පාසල් 1550ක් පමණ තිබෙන බවට වාර්තා වන බවත් ඉන් පාසල් කොටසක් වසා දමන බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ප්‍රකාශක කරන බවත් ලේකම්‍වරයා පැවසීය.