කීරි සම්බා රටින් ගේන්න යයි


සුජිත් හේවාජුලිගේ

කීරි සම්බා ආදේශක සහලක් අවශ්‍ය වුවහොත් ආනයනය කරන  බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.  ලාල් කාන්ත පැවසීය. යල් කන්නයේ ලැබෙන වී අස්වැන්න අනුව 

වෙ​ෙළඳපොළේ ප්‍රශ්නයට උත්තර සෙවීමට දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතා කමිටුවේදී ද මේ ගැන දීර්ඝව සාකච්ඡා කෙරුණු බවත් කිසිවකු හෝ වැඩි මිල ගණන්වලට විකිණීමට කීරි සම්බා සඟවාගෙන සිටින්නේ නම් ඊට ඉඩ නොතබන බවත් ඔහු කීය.

මේ අතර කීරි සම්බා සඟවාගෙන සිටින අයට සහ වැඩි මිලට අලෙවි කරන අයට නඩු පැවරීමට රජය කටයුතු කරගෙන යයි. දැනටමත් ඒ සඳහා වැටලීම් කණ්ඩායම් අදාළ ප්‍රදේශවලට යොමු කර ඇත.