සුජිත් හේවාජුලිගේ
කාලගුණ ආපදාවේදී කාගේ හෝ අතින් වරදක් සිදු වූයේ දැයි සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කථානායකවරයාට භාරදීමට සූදානම් වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බව පැවසේ.
කාලගුණ ආපදාව සම්බන්ධයෙන් දෙස් විදෙස් කාලගුණ අංශ පූර්ව දැනුම්වත් කිරීමක් කළේද දැනුවත් කිරීමක් කළේ නම් කවුරුන් හෝ එය නොසලකා හැර සිටියේද සොයා බලා යමකු එසේ නොසලකා හැර සිටියේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද මෙම යෝජනාවේ දැක්වෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. යෝජනාව ඉදිරි දිනවල කථානායකවරයාට භාරදීමට නියමිතය.

