කන්කසන්තුරේ ජනපති මන්දිරය හදන්න කෝටි 85ක් ගිහින්


අවසන් කරන්න තවත් 10ක් ඕනෑ

දයාසීලි ලියනගේ  

කන්කසන්තුරේ ඉදිකරමින් පවතින ජනාධිපති මන්දිරය සඳහා දැනට රුපියල් කෝටි 85ක මුදලක් වැය වී ඇති අතර එහි ඉදිකිරීම් අවසන් කිරීම සඳහා තවත් රුපියල් කෝටි 10ක පමණ මුදලක් වැය කළ යුතු බව විගණන අංශ ගණන් බලා ඇත. අති නවීන මන්දිරයක් වූ මෙහි පොළව යට ඝනකම් වීදුරුවලින් යුතු මාළු ටැංකි ඉදිකර ඇති බව වාර්තා වේ.

මෙහි ඉදි කිරීම් කටයුතු වර්ෂ 2020 දී ආරම්භ කරනු ලැබූ අතර මේ වන විට බොහෝ දුරට වැඩ අවසන් වී ඇති බව ද සඳහන් වේ. මෙම මන්දිරයේ නඩත්තු කටයුතු සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවද සඳහන් ය.