සුජිත් හේවාජුලිගේ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලී වීරසේකර මන්ත්‍රීවරයකුට ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නොවන බවට පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
මේ අනුව ඔවුන් දෙදෙනාට මේ මාසයේ සිට හිමිෙවන්නේ එම තනතුරුවලට ලැබෙන ඉන්ධන
දීමනාව පමණි.
ජාතික ජන බලවේග රජයේ අගමැතිවරිය ඇතුළු ඇමතිවරුන් සියලු දෙනාද මන්ත්‍රීවරයකුට ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට මීට පෙර වරින් වර ලිපි භාරදී තිබේ.
පාර්ලිමේන්තු තොරතුරුවල සඳහන් වෙන අන්දමට මන්ත්‍රීවරයෙකුට රුපියල් 250,000 සිට රුපියල් 450,000 දක්වා ඉන්ධන දීමනාවක් හිමි වෙයි.

