සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිල වාහන හිමිකාරිත්වය නොමැති කළමනාකරුවන් තිදෙනෙකුට නීති විරෝධීව රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයක ප්‍රවාහන සහ ඉන්ධන දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.
මෙම ප්‍රවාහන සහ ඉන්ධන දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ 2012 වසරේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලයේදීය. නිල වාහන හිමිකාරිත්වය ලැබීමට සුදුසුකම් ඇත්තේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද සහ එම දෙපාර්තමේන්තුව 2016 වසරේ නිකුත් කළ චක්‍රලේඛ අංක MSD/30 HM 1-1 ගණයේ හෝ ඊට ඉහළ මට්ටමේ තනතුරක් දරන අයට පමණක් බවත් ඊට පටහැණිව සංස්ථාව මෙම කළමනාකරුවන් තිදෙනාට ප්‍රවාහන සහ ඉන්ධනා දීමනා මෙසේ ගෙවා තිබූ බවත් වාර්තාවේ දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. එය පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුවට නිකුත් කෙරිණ.