ඔය උසට බයිසිකලේ පොඩියි වගේ


එක්සත් ජනරජ පෙරමුණේ නායකයා ඒ කියන්නේ පාඨලී චම්පික රණවක පසුගිය දවසක ලංකාවේ පා පැදි හදන හැටි බලන්න ගියා. ගිහින් බයිසිකලේකින් පොඩි වටයක් ගැහුවා. ඒ අතරේ අතලොස්සක් කරපු වැඩේට පොඩි බිස්නස්කාරයාට බදු ගෙවන්න වෙලා කියලත් පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ දවස්වල පාඨලී බයිසිකලෙන් බැහැලා වෙඩි නොවදින වාහනයක යන හැටි හිතනවද නැත්නම් බයිසිකලෙන් යන සාමාන්‍ය මිනිස්සු කාර් එකක යවන්න සැලසුම් හදනවද කියලා නම් එයාම තමයි දන්නේ.