ඔන්ලයින් පනත ඉවත් කරන්න රවීගෙන් අලුත් පනතක්


සුජිත් හේවාජුලිගේ

ආන්දෝලනයට තුඩු දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (Online Safety Bill) සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය. ගැසට් කර දින හතකින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම පනත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාගේ ද අනුමතිය ලැබී ඇති බව දැනගන්නට ඇත. මෙම පනත් කෙටුම්පත 2023 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත  පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට බොහෝ පාර්ශ්ව වලින් විරෝධතා එල්ල වූ අතර එහි ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයටද පෙත්සම් 47ක් ඉදිරිපත් කෙරිණ.