එක්ස්ප්‍රස් පර්ල් වැනි ආපදාවකට මුහුණ දීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්


අංජුල මහීක වීරරත්න

මෙරට මුහුදු සීමාවට දැඩි හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය වැනි දේ නැවත වරක් සිදුවුවහොත් ඊට අදාළව ගතයුතු පියවර ඇතුළත් නීති කෙටුම්පතක් සකස් කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

මේ දක්වා ගෙන නොමැති බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ  පැවැති සාකච්ඡාවකදී හෙළිදරව් වී ඇත.
මෙහිදී දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති කාර්යාලයත්, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියත්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එකිනෙකට සම්බන්ධ කර ගනිමින් සමුද්‍රය ආරක්ෂා කිරීමට අදාළව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී තීන්දු කර තිබේ.


සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණ විට මෙම ආයතන වෙන වෙනම ක්‍රියාත්මක වන බැවින් එම ආයතන සියල්ල එකිනෙකට සම්බන්ධ කොට ඒකාබද්ධ කණ්ඩායම් ලෙස කටයුතු කළ යුතුව ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත.


එක්ස්ප්‍රස් පර්ල් අනතුරට වසරක් ගතව ඇතත් නෞකා අනතුරකදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නීති රීති සකස් නොකිරීම ගැන කනස්සල්ල පළ කර ඇති රුවන් විජයවර්ධන මහතා ජාත්‍යන්තර නීතිවලට සමගාමී වන ලෙස නව නීති සකස් කිරීමට උපදෙස් දී තිබේ.