- සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න
සුදර්ශනී කෝණාර
ඉන්දියානු සාගරයේ පවතින රටවල තිබෙන භූ විද්‍යාඥයන්ගේ සංගම් හෝ රජයන් එක් වී පොළොව අභ්‍යන්තරයේ තිබෙන සියලු දත්ත පරිශීලනය කොට අනාගතයේ කුමන කලාපවල කොපමණ කාලයකින් භූමි කම්පා සිදු වෙයිද යන්න පුරෝකථනය කළ යුතු බව භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළේය.
ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණ හොත් අවට රටවල් කීපය එකතු වී පර්‌යේෂණයක් සිදු කළ හැකි බවත් දැනට බිය විය යුතු කාරණයක් නැතත් ඉදිරි අනාගතයේ දී කුමන කාලයක දී කම්පන තත්ත්වයක් ඇති වේද යන්න පුරෝකථන ඉදිරිපත් කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ජපානයේ කාලයක සිට සිදු කළ පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙස වාර්තාවක් මගින් ඉදිරි අවුරුදු තිහ ඇතුළත පැසිෆික් සාගරයේ පහළ කොටසෙහි සිදු විය හැකි විශාල භූමි කම්පාවක් පිළිබඳව හෙළිකර ඇති බවද හෙතෙම කියා සිටියේය. ඒ නිසා ජපානයෙන් කළ මෙම පුරෝකථනය ලෝකයටම ආදර්ශයක් වන නිසා ලෝකයේ භූමි කම්පා පිළිබඳව පුරෝකථන කිරීම නතරකර තිබූ අතර ඇමරිකාව, යුරෝපයේ රටවල් කිහිපයක භූමි කම්පා පුරෝකථන කිරීමට උත්සාහ කළද එය නිෂ්ඵල වූ බව ඔහු තවදුරටත් කීවේය.