නිමල කොඩිතුවක්කු
ඉදිරි සති දෙකක කාලයේ දී පවතින තද වැසි තත්ත්වයේ අඩුවක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම කාලයේදී දිවයිනේ හිතකර සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බව එහි අධ්‍යක්ෂක (අනාවැකි අංශය) මෙරිල් මෙන්ඩිස් පැවසීය.
ඊසාන දිග මෝසම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බවත් අධ්‍යක්ෂවරයා පැවසීය. එම කාලයේ දී තදවැසි අපේක්ෂා නොකරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

