උපුල් වික්‍රමසිංහ
2017 සිට 2022 දක්වා අවුරුදු 5 කදී ඉදිකිරීම් ව්‍යාපෘති තුනකට අදාළව කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දී තිබූ කුලී හා වැඩ අත්තිකාරම්වලින් රුපියල් හැට හත් කෝටි තිස් හත් ලක්ෂ එක්දහස් එකසියය දහඅටක (673,711,18) ශේෂයක් තවදුරටත් අය නොවී පැවතුණු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 2024 වාර්ෂික වාර්තාවට අදාළ විගණකාධිපති සම්පිණ්ඩන වාර්තා වේ සඳහන් වේ.
දිවුරුම් කොමසාරිස්, හදිසි මරණ පරීක්ෂක, සාමදාන විනිසුරු හා දිවුරුම් දුන් භාෂා පරිවර්තක තනතුරු සඳහා තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ කාර්යය රුපියල් 20,095,000 ක මුදලකට මාස තුනක දී නිම කිරීමට 2024 ජුනි 19 වැනි දින තෝරා ගන්නා ලද කොන්ත්‍රාත් සමාගම සමග ගිවිසුම්ගත වී තිබුණ ද 2024 වසර අවසාන වෙන තෙක් එම කාර්යය නිම කර නොතිබූ බව ද එම වාර්තාවේ දැක්වේ.
අධිකරණ නිලධාරීන් පුහුණු කිරීමේ ඒකකයේ ක්‍රියාකාරකමක් වන පරිගණක පුහුණු වැඩසටහන් සිදු කිරීම වර්ෂය ඇතුළත දී ආරම්භ කර නොතිබුණු බව කියන අදාළ වාර්තාව පරිගණක ඒකකය ද ක්‍රියාත්මක තත්වයේ නොතිබුණු බවත් පරිගණක විද්‍යාගාරයේ පවතින CPU 23 ක්, Monitor 26 ක්, UPS 39 ක් හා ලීබඩු උපකරණ නිෂ්කාර්යව පැවතුණු බවත් පවසයි.

