සුදර්ශනි කෝණාර
ආයතන 22,450ක් සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් (EPF) ගෙවා නොමැති බවත් එම මුදල බිලියන 35ක් බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය. එමෙන්ම වතු සමාගම් සහ ගමනාගමන මණ්ඩල ආයතන වැනි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහෝ ප්‍රමාණයක් ඊට අයත් වන බව තවදුරටත් ඔහු පැවසීය.
මේ සම්බන්ධව කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වාර්තාවල තොරතුරු දැක්වෙන බව ද දැනට එම ආයතනවලට ලිඛිතව දැනුම්දීමක් සිදුකරන බව ද පැවසූ අමාත්‍යවරයා එම ආයතන සඳහා යම් කාලසීමාවක් ලබාදෙන බවද කීවේය.
පසුව අදාළ ආයතන සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය රාමුවට යටත්ව පියවර ගැනීමට කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.