ඇල්ල ප්‍රසාද් රුක්මල්
බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාවත් සමග සිදුවූ හදිසි ආපදාවලින් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයා බලා රාජකාරි කටයුතු සඳහා පිටවී ගිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනකු පිළිබඳව සිකුරාදා (28දා) පස්වරුව වනවිටත් කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
ඌවපරණගම ප්‍රාදේශීය ලේකම්, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය සහ සොරණාතොට ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් 27 වැනිදා මෙසේ රාජකාරි කටයුතු සදහා අදාළ බලප්‍රදේශවලට ගොස් ඇති අතර දිස්ත්‍රික්කයේ සන්නිවේදන සියල්ල බිඳ වැටීමෙන් මෙන්ම පස්කඳු, ගල්පර්වත, ගස්කොළන් කඩා වැටී මාර්ග අවහිර වී තිබිම නිසා මෙම නිලධාරින් සම්බන්ධ කර ගැනීමට නොහැකිව ඇති බවත් පැවසේ.

