ගයාන් ගාල්ලගේ
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් විසින් දිගින් දිගටම ඔවුන්ගේ දේශපාලන මත ගැටුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි ලෙස ඉදිරිපත් කිරීම නිසා එම පැමිණිලි විමර්ශනය කිරීමට නොහැකිව දැඩි අර්බුදයකට එම දෙපාර්තුමේන්‍තුව මුහුණ පා ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.
අපහාස කිරීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගය නඩු මගට යා යුතු වුවත් එම පැමිණිලිද රහස් පොලිසියට ඉදිරිපත් කිරීම නිසා ඒවා විමර්ශනය කිරීමේ හැකියාවක් නොමැති බව සඳහන් වේ. සාපරාධී අපහාස නීතිය රටේ ක්‍රියාත්මක නොවන නිසා සැකකරුවන් කැඳවීම පවා ගැටලුවක් වී ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඊට අමතරව විශාල විමර්ශන සංඛ්‍යාවක් රහස් පොලිසිය මගින් සිදුකරන විට ඒ සඳහා විමර්ශන නිලධාරීන් අඩු මොහොතක මෙම විමර්ශන සඳහා නිලධාරීන් යෙදවීම ගැටලුකාරී තත්ත්වයක් වී ඇතැයිද සඳහන් වේ.
දැනට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 10 දෙනකු පමණ රහස් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත.