ආණ්ඩුවේ දෙවැනි අයවැය 07 දා


උපුල් වික්‍රමසිංහ

වසර 2026 ට අදාළ විසර්ජන පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව මෙම මස 07 වැනිදා ජනාධිපති, මුදල් ඇමැති  අනුර කුමාර දිසානායක පවත්වයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 වැනිදා දක්වා දින හයක් තිස්සේ පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 14 වැනිදා සවස 6 ට සිදු කිරීමට නියමිත ය.

තුන් වැනි වර කියවීම නොවැම්බර් 15 දා සිට දෙසැම්බර් 5 දක්වා දින 17 කදී පැවැත්වෙන අතර 5 වැනි දින සවස ඡන්ද විමසීම පැවැත්වේ.