ආණ්ඩුවේ ඇමතිලා පොහොට්ටු මහගෙදර මඟහරිති


අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමැති ධුර දරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් වැඩිදෙනකු  බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට යාම කරඅරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැමුන් ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමෙන් පසුව, මුල් කාලයේ දවස් දෙක තුනක් පක්ෂ මූලස්ථානයට ගිය ද පසුව ගොස් නැති බවත්, තවත් පිරිසක් තනතුරු ලබා ගැනීමෙන් පසුව කිසිම දවසක පක්ෂ මූලස්ථානයට ගොස් නැති බවත් පැවසේ.


මින් වැඩි දෙනෙකු පොහොට්ටුවේ දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින අතර, ඔවුන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩි සම්බන්ධතාවක් පවත්වමින් සිටින බවද දැනගන්නට ඇත.


මේ අතර, ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද පක්ෂ  මූලස්ථානයට යාමෙන් වැළකී සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.