නිමල කොඩිතුවක්කු
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ පවුල් 26,841 කට අයත් පුද්ගලයන් 85,351ක් තවදුරටත් ආරක්ෂිත ස්ථාන 873ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදාව නිසා මරණ 639ක් සිදුවී 211 දෙනෙක් අතුරුදන් වී සිටිති.
නිවාස 5588 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 102,248 කට හානි සිදුව ඇත. දිස්ත්‍රික්ක 25 ටම අයත් විවිධ ප්‍රදේශවලින් මෙම හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙයට අමතරව ආගමික ස්ථාන, වෙළඳ හා ආර්ථික මධ්‍යස්ථාන, කාර්යාල ඇතුළු ආයතන රැසකට විශාල හානි සිදුව තිබේ.
පවුල් 524,678 (පන්ලක්ෂ විසිහතරදහස් හයසීය හැත්තෑඅටකට) අයත් පුද්ගලයන් 1,814,421 (දහඅටලක්ෂ දාහතරදහස් හාරසීය විසිඑකක්) පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සුළිකුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව, පස්කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම්, තද සුළං සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

