සුජිත් හේවාජුලිගේ
මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත. මේ අනුව මින් ඉදිරියට ඔවුන්ට හිමිවන්නේ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව පමණකි.
එරංග ගුණසේකර, අරවින්ද සෙනරත්, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සහ එම්.එම්.අයි. අර්කම් මෙසේ මන්ත්‍රී ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුම් දුන් නියෝජ්‍ය ඇමතිවරු වෙති.
පසුගිය රජයන්හි ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු බොහෝ දෙනෙක් අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාවට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව ද ලබා ගත්හ.
අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණ.
මීට අමතරව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව ලිඛිතව දැනුම් දී ඇත.
කෙසේ වෙතත් කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාවත් තනතුරට ලැබෙන ඉන්ධන දීමනාවත් යන දෙකම ලබා ගන්නා බව වාර්තාවේ.

																	
																	
																	
																	
																	
																	