අල්ලස් කොමිසමේ ප්‍රධානියා ජවිපෙ කිසිදු නීති කමිටුවක හිටියේ නැහැ - නි. අමාත්‍ය නීතිඥ සුනිල් වටගල


උපුල් වික්‍රමසිංහ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නීති කමිටුවක නොසිටි බව රජය කියයි.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ඒ බව තහවුරු කරමින් ඉරිදා ලංකාදීපයට පැවසුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නිලයක් නොදැරූ බව ය.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම නීත්‍යනුකූල බව ද විපක්ෂය පවසන පරිදි එම පත්වීම නීතියට පටහැණි නම් පත්වීම සිදු කළ අවස්ථාවේ එය මතු නොකළේ මන්දැයි තමන් විපක්ෂයෙන් ප්‍රශ්න කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.