අයිස් ගත්තොත් දරුණු සංකූලතා


සිය දිවි නසා ගැනීමේ අවදානමත් ඉහළට

මදූශා දිල්ශානි

තරුණ ප්‍රජාව අතර වේගයෙන් ව්‍යාප්ත වෙන අන්තරායක මත්ද්‍රව්‍යයක් වන අයිස් භාවිතයෙන් මධ්‍ය ස්නායු පද්ධතියට හානි වීම, ශරීරයේ ඇතිවන ඍණාත්මකභාවය (ඩිටෝටැටෝ ෆැක්ට්ස්), වෛරය, ලිංගික අප්‍රාණිකත්වය, සහකාරිය හෝ සහකරුවා පිළිබඳ සැකය මෙන්ම විෂාදය වැනි අති දරුණු ගණයේ  දිගුකාලීන සංකූලතා මතුවීමෙන් සියදිවි නසා ගැනීමටද යොමුවිය හැකි බව ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර කොහොලනේගෙදර ප්‍රකාශ කළේය. 

එමෙන්ම කාන්තාවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවහොත් ඔවුන් එය අධිමාත්‍රාවෙන් ගැනීමට යොමු විය හැකි බව කී වෛද්‍යවරයා මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැඩිවශයෙන් කොළඹ, කුරුණෑගල, ගාල්ල, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවලින් වාර්තා වෙන බවද සඳහන් කළේ ය.

දරුවා, පාසල, මවුපියන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල හා මාධ්‍ය මූලිකව ධාරා හයක් යටතේ නිවාරණ කටයුතු සිදුකරන බව ද ඔහු කීවේය.