සුජිත් හේවාජුලිගේ
පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක අයවැය පරාද වීම හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
මේ තත්ත්වය හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමට ඒවායේ ප්‍රධානීන් නීති උපදෙස් ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊට අමතරව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ද එම සභාවලට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි පැවසේ.
අයවැය පරාජයට පත් වූ පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින ඒවාය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන ආයතනවල අයවැය දෙවතාවක් පරාජයට පත් වුවත් ඒවා පවත්වාගෙන යෑමේ හැකියාවක් සභාපතිවරයාට ඇති බවයි.
මේ අතර ආනමඩුව ප්‍රාදේශීය සභාවේ බලය නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහා පිහිටුවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීවේ ය.

