නිශාන්ත කුමාර බණ්ඩාර
සාමාන්‍ය මාර්ගවල මෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් හා ඉදිරිපස ආසනයේ ගමන් ගන්නා මගීන් ආසන පටි පැලඳීම අනිවාර්ය කෙරේ. මෙම නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 1000 කට යටත් වන දඩ මුදලක් ගෙවීමටද සිදු වනු ඇත.
නීතිමය ප්‍රතිපාදන අනුව ඉදිරියේ දී රියැදුරු, මගියා සහ වාහන හිමිකරු යන සියලු දෙනා මේ වගකීමට යටත් වෙයි. ආසන පටි පැලඳීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට රියැදුරන්ට හා මගීන්ට ලබාදී තිබූ මාස තුනක සහන කාලය ඉකුත් 19 වැනිදා අවසන් විය.
ඒ අනුව ආසන පටි පැලඳීමේ නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය. මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොට්ටාව අධිවේගී හුවමාරු මධ්‍යස්ථනයේ දී පැවැත්විණ.
එහිදී අධිවේගී මාර්ගයේ ගමන් කළ වාහනවල රියැදුරන්ට හා මගි ජනතාවට අත්පත්‍රිකා ලබාදෙමින් මේ පිළිබඳ දැනුම්වත් කර තිබේ.
මෙම උපදෙස් අනුගමනය නොකරන අයට දඩයට යටත් වීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

