නිරෝෂාන් ප්‍රේමරත්න
22ට එරෙහිව සජබ විසින් සංවිධානය කරනු ලබන විරෝධතාව එළඹෙන 24දා උදෑසන 9.00ට පාර්ලිමේන්තුව අසළ පොල්දූව මංසන්ධියේදී පැවැත්වීමට නියමිත බව එහි මහලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතා රැලිය සඳහා විපක්ෂයේ සියලු පක්ෂවලට ආරාධනා කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

